අවුරුදු 04ක් වයසැති තම දරුවා සමග සිය දිවි හාන් කර ගැනිමට ඉහල කොත්මලේ ජලාශයට පැන්න කාන්තාවක් ප්‍රදේශවාශින් විසින් බේරා ගත්ද දරුවා මේ වන තෙක් සොයා ගැනිමට නොහැකිවි ඇත.
16වන දින සවස් කාලයේදි තලවාකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ අවුරුදු 41ක් පමන වයසැති කාන්තාවක් තම අවුරුදු 04ක් පමන වයසැති දරුවාද සමග සිය දිවි හානි කර ගැනිම සදහා තලවාකැලේ ඉහල කොත්මලේ ජලාශයට පැන ඇත.
මෙම අවස්ථාවේදි එම ප්‍රදේශයේ පිරිසක් විසින් මෙම කාන්තාව ගොඩට ගෙන ප්‍රථිකාර සදහා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය සමග සිටි දරුවා මේ වන තෙක් සොයා ගැනිමට නොහැකිවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු තලවකැලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන්න කන්තාව හොලිරුඩ් ප්‍රදේශයේ පදිංචි රාමයියා සුගන්ධිකා ලෙස හදුනා ගෙන ඇති බවත් ඇය සමග සිටි දරුවා මේ වන තෙක් සොයා ගැනිමට නොහැවි ඇති බවත්ය.
