ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ අභාවය හේතුවෙන් මෙරටට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව යළිත් ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළින් වාර්තාවෙයි.
අද අලුයම 03.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් දුනිත් වෙල්ලාලගේ පිටත්ව ගොස් තිබේ.
