නිමල් රාජපක්ෂ-
දුම්රිය රියදුරන්ගේ වර්ජනයෙන් හොරපේ දුම්රිය ස්ථානයේදී සිදුවු අනතුරින් මිය ගිය ගම්පහ මොරගොඩ දිනිත් ඉදුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඹහුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කරයි.
මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවත්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම්තුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ දැනුවත් කිරීම පරිදි, කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල ජීවිතක්ෂයට පත් තරුණයාගේ පවුලේ සාමාජිකයින් වෙත අද දින පිරිනැමීමට නියමිතයි.
