නිමල් රාජපක්ෂ-
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තිය ක්රියා මාර්ගය අවසන් වුවද අද (11)දිනයේ දුම්රිය ගමන්වාර 40 කට ආසන්න ප්රමානයක් අවලංගුව වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
මේ අතර දුරගමන් සේවා දුම්රියයන්ද ධාවනය නොවනු ඇත. මෙහිදි කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය . බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය , කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය , ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය , කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්රී නගරාන්තර සීඝ්රගාමී දුම්රිය, මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්රී නගරාන්තර සීඝ්රගාමී දුම්රිය , මඩකලපුව බලා සවස ධාවන වන නගරාන්තර සීඝ්රගාමී දුම්රිය , පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රිය හා හා තවත් කාර්යාල දුම්රිය සමඟ දුම්රිය ගමන් වාර 11 ක් දැනට අවලංගු කොට ඇතැයිද කසුන් චාමර මහතා පැවසුවේය..
දුම්රිය ස්ථානාධිපති වරුන් අද ( 11) දින අදාල නියමිත සේවා වාර සඳහා වාර්තා කරන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
