නිමල් රාජපක්ෂ
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බැවින් වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් හෙට වනවිට සේවයට නොපැමිණිය හොත් සේවය අතහැර ගියාසේ සලකා ඹවුන්ට එම ලිපි ලබා දීමට පියව ර ගන්නා බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගමනා ගමන එම්.ජේ. ඉදිපොලගේ මහතා පවසයි.
වර්ජනයේ නිරත දුම්රිය රියදුරු සංගම් වල වහාම සේවයට වාර්තා කරන ලෙස මේ වනවිටත් දුම්රිය බලධාරීන් දන්වා තිබේ.
මගීන්ගේ ගමන් පහසුව සදහා උදේ වරුවේ දුම්රිය ධාවනය වු වාක් මෙන් දුම්රිය ධාවනය කරන අතර රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ධාවනයට එක්කෙරේ .
මෙහිදි රාත්‍රි ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය සියල්ල ප්‍රධාන දුම්රිය ස්ථානවල නතර කොට ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 04 ද , ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් මේ වනවිටත් ධාවනයට එක්කොට ඇතැයිද නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන එම්.ජේ ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
දුම්රිය රියදුරන් ඹවුන්ගේ උසස් වීම් සම්බන්ධයෙන් මෙම වර්ජනය දියත් කොට තිබෙන අතර ඹවුන් වසර පහෙන් උසස්වීම් ඉල්ලුවට රාජ්‍ය සේවයේ උසස් වීම ්ලාබාදිමට නියමිතව තිබෙන්නේ වසර 10 යෙන් දහයට බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.

