දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.
එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වනු ඇත.
අඛණ්ඩව සිදුවන දුම්රිය පිලී පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සුමේධ සෝමරත්න මහතා පැවසුවේ.