මහජනතාවගේ ප්‍රසංසාවට හා ගෞරවයට ලක්වන අයුරින් දුම්රිය සේවාව සකස් කළ යුතු බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.ඉදිරියේදි ඉන්දියාවේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කරන බැවින් තවන් ලොකොමොටිව් දුම්රිිය එන්ජින් 23 ක් ප්‍රධානයක් හැටියට ලබා දීමට එකගවු බැවින් එම එන්ජින් තෝරා ගැනිීම සදහා ඉදිරියේදි ඉන්දියාවට යැවීමට පියවර ගන්නා බවද පැවසුවේය.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ නව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව්. බණ්ඩාර මහතා සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 32 වන සාමාන්‍යාධිකාරී වරයා ලෙස ඉන්ජිනේරු එච්. එම්. කේ. ඩබ්ලිව් .බණ්ඩාර මහතා අද, එනම් නොවැම්බර් මස 03 දින උදෑසන සිට රාජකාරි එළඹුන සුභ මොහොතින් බාර ගත්තේය.
මාතලේ විද්‍යා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන එතුමා , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිය සිවිල් ඉංජිනේරු උපාධියත්, මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් පශ්චාත් උපාධියත් ලබා ඇති අතර, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.
1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වූ එතුමා අනතුරුව වසර 27 ක කාලයක් පුරා දිස්ත්‍රික් ඉන්ජිනේරු වරයෙකු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වරයෙකු, ප්‍රධාන ඉංජිනේරු ( මාර්ග හා කර්මාන්ත ) ලෙස මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම් ) ලෙසින්ද කටයුතු කර ඇත.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් .ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා විශ්‍රාම ගැන්මත් සමග, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ජ්‍යෙෂ්ඨතම ඉන්ජිනේරුවරයා ලෙස එච්.එම්.කේ.ඩබ්ලිව් .බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ලෙස පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවන ලදී .
