නිමල් රාජපක්ෂ-
රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝණය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ට රුපියල් මිලියන 160 ක දඩමුදලක් ගෙවන ලෙස නියමකොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පැවරිණි. එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 09 දා රේගු නිලධාරීන් සොයා ගැනිණි.
