දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමි නොවීය.
එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
