Spread the love

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට අද (11) දිනයේ  ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී්‍

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීය වි ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඔ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළගා වීමට බොහෝ දුරට ඉඩ පවතින බවය. 

ත්‍රිකුණාමලය කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවත් තිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළග ඊසාන සිට වයඔ දක්වා දිශාවලින් හමන සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30 – 40 පමණ වන බවයි.

මේ අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේවල වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 50 -60 දක්වා ද වර්ධනය විය හැකි බවද දන්වා සිටී.

එබැවින් පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විට්න් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර ගිගුරුම් වැසි ඇති වන විට මෙම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි අතර එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වන අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.