වසරේ ගතවූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය පැවසූවාය.
ඔවුන් පැමිණි බෝට්ටු 04 ක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
ඉන් 02 ක් රාජසන්තක කර ඇතිබව පැවසූවාය.
මේ අතරබේරුවල ධිවර වරාය කේන්ද්‍රකරගනිමින් ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදා දීම මේ වනවිට සිදුවන බව ධීවර අමාත්‍යංශය පවසයි.
චීනයෙන් පරිත්‍යාග කෙරුණු භූමිතෙල් තොගයක් එලෙස බෙදාදීම සිදු වෙයි.
ඒ අනුව එක් ධීවරයෙකු සඳහා භුමිතෙල් ලීටර් 150 ක් ලබාදීමට නියමිත බව ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි
