Spread the love

යාපනය චාවකච්චේරි නගරසභා ගොඩනැගිල්ලට පිවිසෙන ප්‍රධාන දොරටුව වසා දමමින් චාවකච්චේරි නගරයේ වෙළෙඳුන් පිරිසක් විසින් නිලධාරීන්ට එරෙහිව (17) දින විරෝධතාවක නිරත වූහ.

චාවකච්චේරි නගරයේ නගරසභාව විසින් වෙළෙන්ඳන් වෙනුවෙන් නව වෙළෙඳ සංකීරණ ගොඩනැගිල්ලක් ඉදිකොට ඇති අතර එහිදී වෙළඳකුටි බදු දීම සම්බන්ධයෙන් චාවකච්චේරි නගරසභාව ගෙන ඇති තීරණයකට එරෙහිව මෙලෙස වෙළෙන්ඳන් විසින් විරෝධතාවයක් නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූ වෙළෙන්ඳන් විසින් කියා සිටියේ අදාල වෙළෙඳ සංකීරණයේ වෙළඳ කුටි 2000 වර්ෂයේ සිට වෙළෙඳාම් සිදුකරන ලද වෙළෙන්ඳන්ට මෙන්ම යුද සමයේ සිට වෙළෙඳාම් සිදුකොට වෙළෙඳසැල් අහිමි වූවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවට නගරසභාව මුලින් දැනුම් දී තිබුනද මේ වන වට එය අමතක කොට නව වෙළෙඳුන් වෙනුවෙන් මෙන්ම නගරසීමාවේ පදිංචි වෙළෙඳුන්ට අදාල වෙළෙඳකුටි ලබාදීමට පියවර ගෙන ඇති බවටය.

එහෙයින් වහාම අදාල තීරණය හකුලාගෙන පැරණි වෙළෙඳුන්හට වෙළෙඳකුටි ලබාදීමට බලධාරීන් ක්‍රියාකළ යුතු බවටය.

පසුව එම ස්ථානයට පැමිණි චාවකච්චේරි පොලීසිය විසින් වසාදමා තිබූ ගෙට්ටුව විවෘත්ත කිරීමට පියවර ගත්තද වෙළෙන්ඳන් විසින් ගේට්ටුව ඉදිරිපිට හිඳගත් අතර නගරසභා නිලධාරීන් සමග උණුසුම් තත්වයක්ද ඇති විය.

පසුව පොලීසිය විසින් අදාල ගැටලුව විසඳා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමර්ගයකට ගොස් විසඳා ගන්නා ලෙසටද දැනුම් දී දෙපාර්ශවය සමග සාකච්ඡා කොට විරෝධතාකරුවන් විසුරුව හැරීමට පියවර ගන්නා ලදි.