නිමල් රාජපක්ෂ
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර ඇත.
නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ක්‍රියාත්මක වන අතර, 2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 5B වගන්තිය ප්‍රකාරව සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද නව අධිකරණය සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුතුමා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ.
අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරුතුමාගේ උපදෙස් පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.