ස්ථාවර නියෝග 6/1 අනුව, කථානායකවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමෙන් පසු, නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවස
ඒ අනුව, කථානායක ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට, එම පුරප්පාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන පළමු රැස්වීමේදීම නව කථානායකවරයෙකු තෝරා පත් කර ගත යුතු බවයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (දෙසැ. 17) සහ බදාදා (දෙසැ. 18) දිනවලදී රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර නිවේදනය කර සිටි අතර, ඒ අනුව එම අවස්ථාවේදී නව කථානායකවරයෙකු පත් කරගනු ඇති බවයි සඳහන් වන්නේ.
