ලබන වසරේ නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන්ට නිල ඇඳුම් සහ පෙළපොත් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මීට අමතරව තෝරාගත් පාසල්වල සහ පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදීමේ කටයුතුද නව පාසල් වාරය ආරම්භ විමට පෙර සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය..
පාසල් සිසුන්ට පාවහන් ලබා ගත හැකි ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කලේ මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ පාසල් සිසුන්ට පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගිවු අවස්ථාවේදීය.
