Spread the love

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවක වදය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුන් සිව් දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත..

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කුලියාපිටිය වයඹ සරසවියේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ හෙට්ටිපොල, කටුපොත, මාරකවිට, උකුවෙල ප්‍රදේශ්වල පදිංචි සිසුන් සිව් දෙනෙක්.

පහර කෑ සිසුවා තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණය හමුවේ කරුණු කී පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත්කළ යුතු බවද සඳහන් .

සැකකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ හිලරි ප්‍රසන්න කියා සිටියේ සැකකරුවන් ලෙස නම්කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් පෙරෙට්ටුවක් අනවශ්‍ය බවයි.