Spread the love

නිමල් රාජපක්ෂ
රුපියල් මිලියන 129 වියදමකින් දඹුල්ලේ නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය 2026 වසරේ අගෝස්තු මාසය වනවිට ඉදිකිරිම් නිම කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ අද (23) පෙරවරුවේ ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා මුල්ගල තැබු අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස ඇමතිවරයා ,නවකොළඹ මධ්‍යතැපැල් හුමවාරු ම්ධ්‍යස්ථානයට අමතරව රටේ කේන්ද්‍රීය ස්ථානවල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරිමේ වැඩ සටහන යටතේ ප්‍රථමයෙන් ඉදි කෙරෙනුයේ දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය බවද පැවසුවේය.
ගතවු මාස 9 පමණක මෙරට පුද්ගලයින් හතළිස නම ලක්ෂයකට රුපියල් එක්කෝටි 1800 ක ප්‍රථිලාභ සේවා තැපෑලෙන් ලබාදි ඇතැයිද පැවසුවේය.
මෙසේ ඉදිවෙන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත් මෙතැන් සිට මහනුවර , පොලොන්නරුව , ත්‍රිකුණාමලය හා මඩකලපුව ආදි විශාල ප්‍රදේශයක තැපැල් භාණ්ඩ හුවමාරුව සදහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වෙන බවද පැවසුවේය.