Spread the love

අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල කාතු‍හේනවත්ත පදිංචි ගොඩාමුණ විතානගේ දිලිප් නානායක්කාර නමැති 38හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවසේ සාලයේ බිම නිදා සිටියදි අලුයම හතරට පමණ නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුලුවි ඔලුවට පිහියෙන් ඇන ඝාතනය කර ති‍බෙන බවද පොලිසිය පවසයි. පිහිය ඔලුවේ තිබියදිම ඝාතකයා පලාගොස් ඇත.