Spread the love


නිමල් රාජපක්ෂ-
දුම්රිය නියාමකවරුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබා දිමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කරයි.
බදවා ගැනීමේ පිටිපාටිය අනුව සියළු කටයුතු ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකෘර රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි. රියදුරන්ගේ රාජකාරියට වාණිජ රෙගුලාසි තිබෙන ආකාරයට නියාමක වරුන්ගේ බදවා ගැනීමේ පටිපාටියට දුම්රිය එංජින් පුහුණුව ලබා දිය යුතු බවට ඇතුළත් වී තිබේ.එහිදී දුම්රිය එංජිමක් ධාවනය කරන්න නියායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දිය යුතු බවට බදවා ගැනීමේ පටිපාටියට ඇතුළත් වි ඇතැයිද පැවසෙයි.

දුම්රිය නියාමක වරුන්ගේ පවතින ගැටළු වලට නිසි විසදුමක් බලධාරීන් ලබා නොදීම හේතුවෙන් අද (21)මධ්‍යවම රාත්‍රී 12 සිට පැය 48 ක් අතිකාල සේවා ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කරතිබුණි.
නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමග ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟ තාවයෙන් අද (21) දුම්රිය නියාමකවරුන් සමගින් පැවැති සාකච්ජාවේදී බදවා ගැනීමේ පිටිපාටියට අනුව සියළු ක්‍රියාමාර්ග ගැනිමට තීරණය කොට තිබේ.
දුම්රිය රියදුරන් බදවා ගැනීමේ පටිපාටියට අනුව වාණිජ රාජකාරි තිබෙන ආකාරයට, නියාමක වරුන් බදවා ගැනීමේ පටිපාටියට අනුව එංජින් රියදුරු පුහුණුව ලබා දිය යුතු වෙයි.
එසේ දුම්රිය නියාමකවරුනට දුම්රිය ධාවනය කිරීමට රියදුුරු පුහුණුව හා ප්‍රයෝගික පුහුණුව ලබා දෙන බවට දුම්රිය සාමාන්‍යාධිකාරවරය ප්‍රකාශ  කර තිබේ.
එහිදි රියදුරන්ගේ කටුයුතු නියාමකවරු දැණ ගත්තත් නියාමකවරුන්ගේ රාජකාරි රියදුරන් දැනගත්තක් ගැටලුවක් නොමැති බවත් එම තීරණය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එසේ ප්‍රකාශ කිරීමෙන් පසු ඊයේ මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට තිබු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවු බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා පවසයි.