නිමල් රාජපක්ෂ-
.
නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු රුපියල් බිලියන 15 ක් වටිනා විශාලතම දුම්වැටි තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් ඉදිරියේ අද (15) පෙරවරුවේ දී මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේ දී විනාශයට පත් කෙරිණි.
බහාලුම් 21කින් රැගෙන එන ලද අදාළ තොගයට දුම්වැටි මිලියන 204ක් විය. අමාත්‍යවරයා සඳහන් කළේ මෙම දුම්වැටි හේතුවෙන් රජයට අහිමි වීමට ගිය ආදායම රුපියල් බිලියන 13ක් බවයි. තොගයේ වටිනාකම රුපියල් බිලියන 15කට අධිකය.
2021 වසරේ දී මෙරටට ආනයන කර ඇති මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණිනි. ආනයනකරුවන් ඇතුළු පාර්ශව වෙත රේගු ආඥා පනත යටතේ දඩ මුදල් නියම කිරීමෙන් පසු ඒවා රාජ සන්තක කෙරිණ
වීඩියෝව නරඹන්න subscribe කරන්න
