Spread the love

ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවය.

ට්‍රැක්ටර් රථය ගමන් කරන මාර්ගයේ බාධක යොදා ඔවුන්ගේ ගමන අඩාල කර එකවරම මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ත් 35ත් අතර වයසේ පසුවන වෙල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන්ව ය.

මන්නාරම යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සඳහා සහභාගී වී නැවත යමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි.