Spread the love

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය (SLITA) විසින් සංවිධානය කළ පළමු වන විලාසිතා දැක්ම වන “SLITA Runway 2025” පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා පේශකර්ම අධ්‍යයන ආයතනය වන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙහි “Higher National Diploma in Fashion Design & Product Development Pragramme” පාඨමාලාව හැදෑරූ නව මෝස්තර නිර්මාණ ශිල්පීන් විසි දෙනෙකුගේ නිර්මාණවලින් මෙම විලාසිතා දැක්ම සමන්විත වූ අතර මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද සහභාගී වූවාය.