Spread the love

ආසන්න කාලයේ මෙරට සිදුවූ පාතාල ක්‍රියාකාරකම් එක් කණ්ඩායමක් විසින් ක‍්‍රියාත්මක කරන සංවිධානාත්මක ක්‍රියාවන් බව හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

“රටේ ජනයාගේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳව අපි වගකීමක් දරනවා කිසිදු බිඳ වැටීමකට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම සංවිධානාත්මක කණ්ඩායමක් මේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න කිරීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා.”

මෑත කාලයේ සිදුවූ සියලුම වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.