ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.ඉදිරි කාලය තුළ අනිවාර්යෙන්ම පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු සිදුකරන බවද ඔහු මෙහිදී පවසා තිබේ.
