Spread the love

පාර්ලිමේන්තුව අද (06) පෙරවරුවේ රැස්වීමට නියමිතයි

පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර අනතුරුව පෙ.ව. 11.30 – ප.ව. 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

ප.ව. 5.00 – ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.