බංකොලොත් වූ රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දමා තනි රනිල්ට රට භාර දෙන ලෙස තමා එදා කළ ප්‍රකාශය අද සත්‍ය බවට පත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
රටේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් රනිල් කියන මනුස්සයාගෙන් ඒ වැඩේ කරගන්නා ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
ජනාධිපති වෙන්න රනිල්ට බෑ කියමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙන පක්ෂයක් හදාගෙන ගියත් ඉතිරි වුනු පක්ෂයේ පිරිස එක්ව ඔහු අටවැනි විධායක ජනාධිපති ධුරයට පත් කළ බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මැයි දින සංවිධාන කටයුතු සඳහා පැවති සාකච්ඡාවක් අමතමිනි.
