හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්රිරෝද රථයක් (23) දින ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
එම ත්රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් මහනුවර ප්රධාන මාර්ගයේ හැටන් ස්ට්රැඩන් වත්ත ප්රදේශයේ දිය.
හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන ත්රීරෝද රථයට තවත් මගීන් දෙදෙනෙකු සමග මහනුවර දක්වා කුලි රථ ගමනක් සදහා යන අවස්ථාවේ ත්රිරෝද රථයේ පසුපසින් ගින්න හට ගත් බවයි ත්රිරෝද රථයේ රියදුරා කියා සිටියේ.
ගිනි ගනිමින් තිබුණු ත්රිරෝද රථයේ ගින්න පාලනය කිරිමට ප්රධාන මාර්ගයේ ගමන් ගත් වාහන වල රියදුරන් සහ ප්රදේශවාසීන් කටයුතු කර ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවල සිදු වී නොමැති වූවත් ගින්නෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ගින්නට හේතුව ඉන්ධන කාන්දුවක් බවට සැකකරන බවයි ගින්න පිළිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
