පිටකොටුව ප්රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද (22) සමත්විය
පිටකොටුව ප්රදේශයේ තොග අලෙවිසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමේදී මෙම ස්ථානය හමුවූ අතර, එහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්රෑම් 825 ක තොගයක් සොයාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
අයිස්ක්රීම් සහ රසකැවිලි වෙළෙඳුන් හට මෙම කල් ඉකුත් වූ කිරිපිටි විකුණා ඇති බව එහිදී අනාවරණය වී තිබේ
මෙම තොග වෙලෙඳසැල් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියසඳහන් කරන්නේ.
