මුල්කිරිගල ගුනරත්න
පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි .
සූරියවැව වැවේගම ප්රදේශයේදී (11) සවස 2 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .
පියා සහ පුතා වැවේගම වැවේගම පාරේ පිහිටි එකම ඉඩමක නිවෙස් තනා පදිංචි වී සිටින බව පොලිසිය පවසයි . අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ පුතාට බැණවැදී ඇති අතර නිවෙස තුළ දහවල් කෑම කමින් සිටි පුතා බැණ වැදීමට හේතුව විමසීමට නිවෙසින් එලියට පැමිණ ඇත . එවිට පියා පුතාට අතතිබූ තුවක්කුවෙන් වෙඩි තබා ඇත . වෙඩි පහරින් තුවාල ලැබූ පුතා ඇද වැටී ඇති අතර වෙඩි තැබූ පියා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි .
සූරියවැව ප්රාදේශීය රෝහලට ඇතුළත් කල තුවාල කරු වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇත .
වෙඩි පහර තුවාල කරුගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්රදේශයට වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
මෙලෙස තුවාල ලබා ඇත්තේ සූරියවැව වැවේගම ,වැවේගම පාරේ පදිංචි දම්මලගේ ඉසුරු මධුශංක නමැති 32 හැවිරිදි විවාහක තරුණයෙකි .
සූරියවැව පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
