Spread the love

රජයේ සේවකයෙකුට අල්ලස් දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත..

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සිය පුත්‍රයෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව පවසමින් ගලේවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමුවී ඇත.. අනතුරුව ස්ථානාධිපතිවරයා විසින් පැමිණිල්ල සටහන් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කරන ලෙස විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

එහිදී සැකකරු රුපියල් 5,000 ක නෝට්ටුවක් සහිත ලියුම් කවරයක් පොලිස් නිලධාරියා වෙත ලබාදී ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි