Spread the love

රුපියල් මිලියන 3000 ක මුදලක් පොලිස් නිලධාරීන්ගෙ ආහාර පාන හා නවාතැන් දීමනා සදහා ගෙවීමට තිබු හිග දීමනාව ලබාදීම සදහා අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

මුදල් නොමැතිවීම හේතුවෙන්, මාස 03 කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදුකර නොමැති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර සිටියේ.

මෙම දීමනාව, රුපියල් 28,500 ක අවමයකට යටත්ව, සෑම පොලිස් නිලධාරීයෙකුටම ලබාදීමට නියමිතයි.

ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරි​ය සඳහන් කරන්නේ.