Spread the love

මුල්කිරිගල , ගුණරත්න

තංගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ . මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ දැනට වැඩ තහනමට ලක්ව සිටින වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග ,කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඒ.චන්ද්‍රසේන ,අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී.ඒ.පුෂ්පකුමාර ,හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ ,හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.කේ.ගමගේ , සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.ඒ.ඒ.ඩී.සුසන්ත ,කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බ්‍රෙසිල් කුමාර ,කිරින්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.එල්.ජනකප්‍රිය ,ඕකවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.එච්.සී.ජයලත් යන ස්ථානාධිපතිවරුන් නවදෙනාය.

ඕකවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.එච්.සී.ජයලත් මහතා ගන්දර පොලිසියටත් ,අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී.ඒ.පුෂ්පකුමාර මහතා බෙන්තර පොලිසියේ ස්ථානාධිපති ලෙසත් ,සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.ඒ.ඒ.ඩී.සුසන්ත මහතා ස්ථානාධිපති ලෙසත් ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර අනෙක් සියලු පොලිස් ස්ථානාධිපතවරුන් සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර තිබේ