Spread the love

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි..

ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ණය මුදලෙහි සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලබන බවත් රැකියා අභිමුඛ පාඨමාලා සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා තරඟයක් ඇති වුවහොත් දරුවන්ගේ Z-Score එක අනුව තෝරා ගැනීම් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේය.