Spread the love

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතිඥවරයෙකුට පහර දුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් CCTV දර්ශන ලබා ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරියඊයේ (12) පොලීසියට නියෝග කර ඇති බවයි සඳහන්.

පසුගිය 10 වැනිදා නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද ( 13) වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.