Spread the love


නිමල් රාජපක්ෂ-

පොහොර අලෙවි කරන වෙළදුම් වැට් බදු අයකළ හොත් වහාම බිල්පතක් ලබාගන්න .ඉදිරියේදී වැට් බදු අයකිරීම පිලිබදව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පොහොර සැපයුම් කරුවෝ අවධාරණය කරයි .

මන්ද දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාල නොවන බව පොහොර සැපයුම්කරුවෝ පවසයි.
වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර ගෙන්වු පොහොර වෙළද පොලේ තිබෙන බැවින් වැට් බද්දක් අදාල සමාගම් එම පොහොර සදහා ගෙවා ඇතැයිද පවසයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල සමාගම් සමග අද පැවැති එම සාකච්ඡාවේ දී දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙස අමාත්‍යවරයා එම සමාගම්වලින් ඉල්ලිමක් කළේය