Spread the love


නිමල් රාජපක්ෂ-

මසකට රුපියල් ලක්ෂය ක බදු ශුද්ධ ආදායමක් ලබන සෑම පුද්ගලයකුම බදු ආදායම් ගෙවිය යුතු බවද මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නමුත් බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද ඒ සදහා අයකරන රුපියල් 50 000/ දඩ මුදල මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සදහන් කළේය.

වසය අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වෙයි. එ් සදහා නිති සම්පාදනය කර තිබේ. ඊට සියළු දෙනාම අනුගත වියයුතුවෙයි. නමුත් මේ මොහොත් දඩ අයකිරීම ක්‍රියාත්මක නොකරයි.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අමාත්‍යවරයා සඳහන් කළේ රටේ අනාතතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළද , ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබා ගෙන ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් නොවන බව යළි අවධාරණය කළ අමාත්‍යවරයා , දැනට මාසයකට රුපියල් ලක්ෂයක බදු ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණක් බදු ආදායම් බදු ගෙවිය යුතු බවද සඳහන් කළේ ය.