Spread the love

බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා පැනවෙන දඩ සහ පොළී කිසිවිටෙක ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙතෙක් බදු වර්ග 06ක් නොගෙවූ පුද්ගලයන් ලබන 15 වැනිදා හෝ ඊට පෙර බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

සංස්ථාපිත ආදායම් බද්ද ,තනි පුද්ගල ආදායම් බද්ද හා හවුල් වියාපාර ආදායම් බද්දෙහි සිව්වන ත්‍රයිමාසික වාරිකය එලෙස ගෙවිය යුතුය.

එමෙන්ම අප්‍රේල් මාසය තුළ රඳවා ගත් පොලිය මත අත්තිකාරම් ආදායම් බද්ද ,ගාස්තු සහ වෙනත් ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බද්ද ,අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද ද ලබන 15 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් තැන්පත් කිරීම මගින් ,ගෙවීම් ඇනවුමක් මගින් හෝ බැංකු අයකරයක් තැන්පත් කිරීම මගින් හෝ මාර්ග ගත බදු ගෙවීමේ පහසුකම් භාවිතා කිරීමෙන් පමණක් එම බදු ගෙවිය යුතු බව වැඩිදුරටත් පවසයි.