Spread the love

නිමල් රාජපක්ෂ-

ගම්පහ වාරිමාර්ග ඉංජිනේරුවන් ගේ හා ගොවිජනසේවා නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් යල් කන්නයේ වගාකළ ගම්පහ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවී තිබීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වී ඇතැයි පහළයාගොඩ පුබුදු ගොවි සංවිධානයේ උපදේශක ගාමිණී ඩයස් යාපා මහතා පවසයි.

මේ වනවිට කළුඇලයාය ගොවි සංවිධානය ,යාගොඩ පුබුදු ගොවි සංවිධානය ,කිරිඳිවිට සමගි ගොවි සංවිධානය ,ඔරුතොට එකමුතු ගොවි සංවිධානය ,ඔරුතොට ප්‍රගති ගොවි සංවිධානය ,කොස්ඕවිට ගොවි සංවිධානය, ප්‍රගති ගොවි සංවිධානය, ගණේමුල්ල එක්සත් ගොවි සංවිධානය ,නැදුන මහසෙන් ගොවි සංවිධානය,මාහේන ගොවි සංවිධානය ඉහළයාගොඩ යන ගොවි සංවිධානය යටතේ ඇති කුඹුරු අක්කර 1000 ක් පමණ මෙවර වගාකර ඇතිඅතර එය මේවනවිට ජලයෙන් යටවී ඇත.

මේ සම්බන්ධයෙන් කිසිදු දේසපාලකයෙකුගේවත් ගම්පහ වාරිමාර්ග කාර්යාලයේ වත් මැදහත් වීමක් නොමැතිවීමෙන් ගොවින් අසරණ වි ඇත.මේ සම්බන්ධයෙන් එම නිලධාරීන් දැනුවත් කලත් නිසි පිළියම් යොදා නොතිබීමෙන් අපට ඇත්තේ එක කන්නයක් බැවින් එයද මේවනවිට අහිමිවී ඇත.

නිලධාරීන් පුටුවට වී සිටියාට ගොවින්ට සෙතක් වන්නේ තැන . කුඹුරු ජලයෙන් යටවන විට වතුර බැස යන්න සොරුව්වන් ඇනිකට් විවෘත කල යුතුයි. ගොවීන්ගේ කුඹුරු විනාස වී යනතෙක් නිලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇත.
මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් ගොවීන්ට සිදු වීමට යන විශාල පාඩුව මගහැර ගැනීමට හැකි වනු ඇතැයිද අසරණ වු ගොවියෝ මැසිවිලි නගති.