Spread the love

පොදු මගී ප්‍රවාහන බස් රථ හා විශේෂ චාරිකා සඳහා යොදා ගැනෙන බස්රථවල අලංකරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයින් මේ සඳහා එක් වූහ.

මගීන්ගේ ,පදිකයින්ගේ හා රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කරන ආකාරයට බස්රථ අලංකරණය කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳ අමාත්‍යවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.