නාගොඩ- සුමන
දිවයිනේ බොහෝ ප්රදේශ වල බස්රථ ධාවනය වීමේ අඩුවක් පවතින බව මගී ජනතාව පවසයි.
මැයි දින රැලි සඳහා ජනතාව රැගෙන යාම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස්රථ මිලදී ගැනීම හේතුවෙන් මාර්ග වල බස්රථ ධාවනය වීමේ අඩුවක් පවතියි.
ගාල්ල දිස්ත්රික්කයේ මාර්ග වල බස්රථ ධාවනය වීම සැලකිය යුතු ප්රමාණයකින් අඩු වී තිබේ .
ඒ අනුව අද (01) අළුයම සහ පෙරවරුවේ බොහෝ මාර්ග වල ධාවනය වූ බස්රථ මගීන්ගෙන් පිරී දැඩි තද බදයක් තිබෙනු දක්නට ලැබිණි.
ගාල්ල දිස්ත්රික්කයේ බොහෝ මාර්ග වල බස්රථ එන තුරු මගින් බොහෝ වේලාවක් රැදීසිටිනු දක්නට ලැබිණි.
