Spread the love

බහාලුම් 323 ක් තු ළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.

බහාලුම් 323 ක්  නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ  මාධ්‍ය හමුවක් පැවත්වා මෙසේ පැවසුවේය.

ආනයනය කරපු මේ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව එහි අඩංගුව තිබූ බවත් ඒවා ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආනයනය කර තිබූ බවයි ඔහු සඳහන් කළේ.

බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හේතුවෙන් මෙම බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් බවට විශ්වාස කරන බවත් ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර අදාළ බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.