Spread the love

නිමල් රාජපක්ෂ-

සිලාවතුර, පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ පසුගියදා (18) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එකසිය අනුහතක (1197) පමණ තොගයක්, සබන් කැට එක්දහස් හත්සිය හැටපහක් (1765) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. .
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩිංගි යාත්‍රාව, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1197ක තොගය සහ සබන් කැට 1765ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි