Spread the love


නිමල් රාජපක්ෂ-

දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි මත් ජාවාරම් කරුවන් 1547 දෙනෙකු වටලා අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන තුනක දඩ ආදායමක් රජයට ලබාදීමට දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී ඇත.
ගතවු මාස හයතුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 46 ක් සමගින් රුපියල් හතළිස් පන් ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක්ද කොටු කර ගැනීමට සමත්වු බව දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
මීට අමතවර හෝටල් ආපනශාලා හා රටබීම හල්වල කළ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කළ බලපත්‍ර ලාභීන්ට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට බලපත්‍ර ලාභීන් කොටසකගෙන් මේ වනවිට රුපියල් ලක්ෂ පහක සමථ ගාස්තුවක් අයකරගෙන ඇත. ඉතිරි බලපත්‍ර ලාභීන්ගේ පෙරවැරදි සලකා බල ඉදිරියේදී සමළු ගාස්තු අයකර ගැනමට නියමිතය.
දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී සුනිල් පී ආරච්චි මහතාගේ උපදෙස් මත , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ අධික්ණය යටතේ , සුරාබදු පරික්ෂකවරුන් ඇතළු නිලධාරින් මෙම වැටලීම් සිදු කළහ.

වීඩියෝව කරඹන්න subscribe කරන්න