Spread the love

මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර,ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියකට පත්වි තිබේ.

මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, කහතුඩුව, කඩුවෙල, තෙබුවන ආදී ප්‍රදේශවලින් තොල්ල කල්ලිය පිළබදව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර ගතවු මාසයක් ඇතුළත කොල්ලකෑමි 40 ක් පමණ සිදු කර ඇතැයිද වාර්තාවෙයි.

ඔවුන් එලෙස යතුරුපැදියක් පැහැරගන්නා අවස්ථාවක CCTV  දර්ශනද ලැබී තිබේ.

මෙලෙස පැහැරගන්නා යතුරුපැදිවලින් තවත් ප්‍රදේශවලට ගොස් කොල්ලකෑම්වල නිරතවී යතුරුපැදි අතරමග අත්හැර දමා යන බවද පැවසෙයි.