Spread the love


නිමල් රාජපක්ෂ

අනුරාධපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි හෙරොයින් ජවාරම් කරුවන් හා ගංජා වගාවක් කොටුකර සැකකරුවක් 4 දෙනෙකු අනුරාධපුර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර සැකකරුවන් 3 කු අනුරාධපුර නගරසභා නිවාස භූමියේදී කොටුකර ගත් අතර, සුචරිතගම පෝච්චිවල ගංජා වගා කර තිබියදි ගංජා ගස් 20 ක් සමගින් එක් සැකකරුවන් කොටු කර ගැනීමට සමත්වු බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති . එච්.එස්.ඩී .පෙරේරා මහතා පවසයි.

ඇත්අඩංගුවට ගත් මත්ද්‍රවය තොගයේ හොරොයින් මිලි ග්‍රෑම් 900 ක්, ගංජා ග්‍රැම් 20 තිබු බවද බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ජේ.ඒ.එන්.එස්.ජයසුරිය මහතා සැකකරුවන් හතර දෙනාට රුපියල් 40 000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

උතුරුමැද පලාත සහකාර සුරාබදු කොමසාරිස් එස් .කේ .වනිගතුංග මහතාගේ උපදෙස් මත , සුරාබදු අධිකාරී එස් .එස් .හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ , අනුරාධපුර ස්ථානාධිපති එච්.එස්.ඩී .පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක ඒ.ආර්. ධර්මසේන, සැරයන් 891 ජයසුන්දර , කෝප්‍රල්වරුන්වන 735 ගුණතිලක ,655 කුමාරසිංහ,751 ඩබ්ලිව්. එන් අබේවර්ධන,නියාමකවරුන්වන 1070 චන්ද්‍රසිරි ,1149 බන්ඩාර ,රියදුර ප්‍රභාෂන යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.