Spread the love

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත ඊයේ පස්වරුවේ සිට මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව මාර්ගය වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා පැවසුවේය.

පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර පෙරේදා පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට පියවර ගැණුනි.

කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ග සියල්ල ඉදිරි දින හතර තුළ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසයි.