මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බැවින් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේය.
