මහවැලි ගඟේ බැම්ම ස්ථාන ගණනාවකින්ම කැඩී ගොස් අවසන්. පවතින මෝසම් වර්ෂාව හේතුවෙන් තවත් මෙම බැම්ම විනාශ වී යාමට හැකි බැවින් හෙට දින සිට මෙහි අලුත්වැඩියාවට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට නියමිතය.
අද දින මෙම ප්‍රදේශය නිරීක්ෂණයට ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද එක්විය.
