නිමල් රාජපක්ෂ-
දොම්පෙ කලුකොලදයාව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදන ආයතනයක් අද දහවල් වටලා එහි තුළ තිබූ මත්පැන් බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු දොම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ තිබී බෙදාහැරීමට සූදනම් කර තිබූ අරක්කු බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් , කාලේ බෝතල් විශාල ප්‍රමාණයක් ලොරි රථ දෙකක් , පිරවුම් යන්ත්‍ර , හිස් බෝතල් , ලේබල් , ස්ටිකර් ඇතුළු උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
මෙම නීති විරෝධී අරක්කු නිෂ්පාදන ස්ථානය කවර පුද්ගලයෙකුට අයත්ද යන්න පිලිබඳව විමර්ශණ සිදු කෙරෙමින් පවතියි.
ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ වරදකරුවන් වෙත තරාතිරම නොබලා කටයුතු කරන ලෙසත් ලබාදිය හැකි උපරිම දඩුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත.
