Spread the love

නාගොඩ -සුමන

මාතර බන්ධනාගාරයට යම් පුද්ගලයකු තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් අද (25) උදෑසන විසිකර ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාරයට පිටතින් ඇති අංක 02 මුර අට්ටාලය අසල මාර්ගයේ සිට බන්ධනාගාරය තුළට විසිකර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් එම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති අතර මත් කුඩු පැකට් 02ක්,දුම් කොළ 10ක්,කුඩා ජංගම දුරකථනයක් හා ආරෝපණයක්,ලයිටර් 02ක් සහ මත්ද්‍රව්‍ය එතීමට ගන්නා කඩදාසි පැකට් 01ක් හමුවී තිබේ.

එම ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිසියට බාරදි තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය